ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල අපහාස කළා යැයි උරණ වී මහනුවර – බලගොල්ල ප්‍රදේශයේදී සිය මිතුරන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට පහරදී ඇණ ගැසීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන 32 හැවිරිදි කට්ටඩියා අද (01) පස්වරුවේ පොලීසියට භාර වී තිබෙනවා.
බලගොල්ල පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පල්ලෙකැලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළව කැබ් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි. එහි තිබී අදාළ පුද්ගලයින්ට පහරදීමට යොදා ගත් කටු ඉඹුල් මුගුරක් ද හමුවූ බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




