සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පවත්වනු ලැබූ සෞඛ්‍ය සායනයට සහභාගී වූ පෞද්ගලික බස් රථ රියදුරන් තිදෙනෙක් වහාම රෝහල් ගත කළ බව එම අධිකාරියේ සභාපති එල්. කළුතොට පවසනවා.
සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් “ආරෝග්‍යා” නමින් බටහිර වෛද්‍ය සායනයක් ක්‍රියාත්මක කර තිබූ අතර එහි සමාරම්භය පසුගියදා රත්නපුර නගරයේ බස් නැවතුම්පොළේදී පවත්වනු ලැබුවා
.
මේ සඳහා සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තර මහත්වරුන් සහ කාර්ය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට එම අධිකාරිය කටයුතු කර තිබෙනවා.
මෙම සෞඛ්‍ය සායනය සඳහා සේවකයින් 185 දෙනෙක් සහභාගී වී තිබෙනවා.
ඒ අතරින් තිදෙනෙක්ට අධි අවදානම් රෝග රැසක් පවතින බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇති අතර එම අධි අවදානම් රෝගී රියදුරන් බස් රථ ධාවනයෙන් ඉවත් කර රත්නපුර ශික්ෂණ රෝහල වෙත කඩිනමින් ඇතුළත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.













