මගී ප්‍රවාහන අධිකාරියේ සායනයට ආ රියදුරන් තිදෙනෙක් වහාම රෝහලට

සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පවත්වනු ලැබූ සෞඛ්‍ය සායනයට සහභාගී වූ පෞද්ගලික බස් රථ රියදුරන් තිදෙනෙක් වහාම රෝහල් ගත කළ බව එම අධිකාරියේ සභාපති එල්. කළුතොට පවසනවා.

සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් “ආරෝග්‍යා” නමින් බටහිර වෛද්‍ය සායනයක් ක්‍රියාත්මක කර තිබූ අතර එහි සමාරම්භය පසුගියදා රත්නපුර නගරයේ බස් නැවතුම්පොළේදී පවත්වනු ලැබුවා
.
මේ සඳහා සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තර මහත්වරුන් සහ කාර්ය මණ්ඩලය සහභාගී කරවා ගැනීමට එම අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මෙම සෞඛ්‍ය සායනය සඳහා සේවකයින් 185 දෙනෙක් සහභාගී වී තිබෙනවා.

ඒ අතරින් තිදෙනෙක්ට අධි අවදානම් රෝග රැසක් පවතින බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇති අතර එම අධි අවදානම් රෝගී රියදුරන් බස් රථ ධාවනයෙන් ඉවත් කර රත්නපුර ශික්ෂණ රෝහල වෙත කඩිනමින් ඇතුළත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17