සුපිරි තරගයකින් පසු වත්මන් ලෝක ශූරයෝ FIFA ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගයක දී තියුණු තරගයකින් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට ආජන්ටිනාවට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ඊජිප්තුව අතර පැවති තරගය තියුණු සටනකින් අනතුරුව ගෝල තුනට දෙකක් ලෙස ජයගනිමින්.

ඇමරිකාවේ ඇට්ලන්ටා හිදී පැවති මෙම තරගයේ පළමු අර්ධය අවසන්වන විට පාරාවෝවරු වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව එරෙහිව 15 වන මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තාකරමින් පෙරමුණ ගත්තා.

තරගයේ 67 වන විනාඩියේ දී දෙවන ගෝලය ද රැස්කරමින් සිය අණසක පැතිරූ ඊජිප්තුව තරගයේ ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියා.

කෙසේ වෙතත් තරගය අත්නොහැරි මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම තරගයේ 79 වන මිනිත්තුවේ දී ඔවුන්ගේ පළමු ගෝලය වාර්තා කරමින් තරගයට අවතීර්ණ වුණා.

එම ගෝලය වාර්තා වී මිනිත්තු පහක් ගතවන්නට පෙර ආජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය රැස්කළ ලයනල් මෙසී තරගය ගෝල දෙකට දෙකක් ලෙස සම කරන්නට සමත් වුණා.

තරගයේ නියමිත කාලයෙන් පසු හිමි වූ අමතර කාලය තුළ එනම් 93 වන මිනිත්තුවේ දී ආජන්ටිනාව වෙනුවෙන් තුන්වන ගෝලය වාර්තා කළ එන්සෝ ෆර්නැන්ඩෙස් සිය කණ්ඩායම අවසන් මොහොතේ අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගියා.

ඒ, අනුව මොහොමඩ් සලා ප්‍රමුඛ ඊජිප්තු කණ්ඩායමට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59