ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීම අද (07) දින බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරුණා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 144,191,250.00 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
මෙම නිල සමාරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රටේ තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට, ඔවුන් රටට වැඩදායී විනයගරුක ක්‍රීඩකයන් බවට පත්කිරීමේ තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි” බවයි.
සැමදා කොන්වන ග්‍රාමීය ක්‍රීඩකයාට නවීන පහසුකම් ලබාදීම රජයේ මූලික ඉලක්කයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ දිනිඳු සමන් හේන්නායක ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.













