තරුණයන් සිරකරුවන් වෙනුවට විනයගරුක ක්‍රීඩකයන් කරනවා – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල්ගල් තැබීම අද (07) දින බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කෙරුණා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 144,191,250.00 ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මෙම නිල සමාරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රටේ තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට, ඔවුන් රටට වැඩදායී විනයගරුක ක්‍රීඩකයන් බවට පත්කිරීමේ තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි” බවයි.

සැමදා කොන්වන ග්‍රාමීය ක්‍රීඩකයාට නවීන පහසුකම් ලබාදීම රජයේ මූලික ඉලක්කයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සහ දිනිඳු සමන් හේන්නායක ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10