මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ වනවිට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව චක්‍රලේඛයට අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ජුලි මස පළමුවනදා සිට ඉන්ධන නිකුත් කිරීම වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිදු කෙරෙනවා.
මැදපෙරදිග කලාපයේ පැවති යුධමය තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාර්තු මස පළමුවන දින පැවති ඉන්ධන මිල පදනම් කර ගනිමින් ලබාදීමට පසුගිය අප්‍රේල් මස 02 වනදා චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා.













