අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියගේ රජකාරී කැබ් රථයේ ගැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
මාතර නගරයේ පදික මාරුවක් මත දී පසුගිය සිකුරාදා (26) දිනයේ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අදාළ කාන්තාව රැකියාව නිම වී පස්වරුවේ නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුව අවස්ථාවේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරිය කැබ් රථය පදවාගෙන පැමිණ ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ඇයව මාතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර ප්‍රාදේශීය ලේකම්වරිය පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඇයව ලබන 30 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මාතර පොලිසියේ රථවාහන අංශය පැවසුවේ.
අනතුරට ලක්වූ කාන්තාව මේ වනවිට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මෙම අනතුර සිදුවන ආකාරය අසල පිහිටි ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.













