කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව ප්‍රදේශයේ දී බෑවුමකට පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.
දියතලාව – හපුතලේ මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී අද (27) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බරපතළ තත්ත්වයේ පසුවූ එක් තුවල්කරුවෙක් බදුල්ල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.
බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
4
+1
+1













