අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි – රජවත්ත සංජුට වෙඩි වැදී තුවාල

අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට කළුතර, නාගොඩ ප්‍රදේශයේ දී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා .

සැකකටයුතු ත්‍රිරෝද රථයක් කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් කළුතර, බෝබුවල ප්‍රදේශයේ දී නතර කරන අණකර ඇති අතර, පොලිස් අණ නොතකා ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පොලිසිය එම ත්‍රිරෝද රථය පසුපස කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර, නාගොඩ ප්‍රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරුට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්‍රදේශයේ පදිංචි ‘රජවත්ත සංජු’ නැමැති පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙක්.

ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය සදහන් කළා.