පසුගිය 17 වන දින සවස තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගන්නා ලැබුවා.
මරණකාරිය වයස අවුරුදු 33 ක් වූ වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, මෙම කාන්තාව පසුගිය 03 වන දින සිට පසුගිය 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටත් අනාවරණය වූ අතර නුවරඑළිය පොලිස් ස්ථානය මඟින් මළ සිරුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
මෙම මෘත දේහය සම්බන්ධයෙන් තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඊයේ (24) දින, මෙම මරණය ගෙළ සිර කිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදී ඇති බවයි පූලිසිය පවසන්නේ.
මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සම්බන්ධ තොරතුරු විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබූ අතර සැකකරු පදිංචිවී සිටි ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් හට ලද තොරතුරකට අනුව එම සැකකරු හා ඔහුට සැඟව සිටීමට ආධාර අනුබලදීම හා තොරතුරු වසන්කිරීම සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළා.
සැකකරු වයස අවුරුදු 43 ක් හා සැකකාරිය වයස අවුරුදු 35 ක් වන කොස්ගොල්ල, හොරොම්බාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරුවන් හට සැඟව සිටීමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 49 ක් වන දිගන, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් මහනුවර, දිගන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













