ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වාහනයක් සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින අතර, එම පරීක්ෂණයට අදාළව අධිකරණයට අපරාධමය චෝදනා ගොනුනොකර සිටීම සදහා සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැකකාර පොලිස් පරීක්ෂකවරයා අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් පසුගිය දිනක ලබගෙන ඇති අතර, ඉතිරි ලක්ෂ 09ක මුදල ලබාගැනීමට කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකට පැමිණ එම මුදල ලබා ගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14