ඩිපෝවේ රියදුරු සතුව T56 උණ්ඩ 26ක්

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තලංගම ඩිපෝවේ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය තැන්පත් කර තිබෙන කාමරයක් තුළ කුඩා පෙට්ටියක තිබූ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 26 ක් තලංගම විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම ජීව උණ්ඩ තිබූ කුඩා පෙට්ටියේ අයිතිකරු වන රියැදුරු සේවය නිම කර කැකිරාව ප‍්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසට යෑම සඳහා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පුවත්පත් වාර්තා කර තිබුණා.

සේවය සඳහා පැමිණි වෙනත් රියැදුරකු සේවක විවේකාගාරයට පැමිණ රාජකාරි කටයුතු සඳහා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී ජීව උණ්ඩ දෙකක් කුඩා පෙට්ටිය අසල බිම වැටී තිබ දැක ඇති අතර තලංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඉටි උරයක අසුරා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වනවා.

ඩිපෝව ආසන්නයේ පිහිටි ප‍්‍රධාන මාර්ගයේ ප‍්‍රභූවරුන් හා ආරක්ෂක අංශයේ ප‍්‍රධාන නිලධාරීන් ගමන් ගන්නා බැවින් මෙම ජීව උණ්ඩ යම් අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීමේ අදහසින් මෙම කුඩා පෙට්ටිය තුළ ගබඩා කර තිබුණේ ද යන්න හා මෙම පුද්ගලයාට ජීව උණ්ඩ ලැබුණේ කාගෙන්ද යන්න සෙවීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10