ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අදින් නිල වශයෙන් අවසන් වනවා.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ, නව සාමාජිකයින් කණ්ඩායමක් පත් කරන තෙක් වත්මන් කණ්ඩායම එම කොමිසමේ රාජකාරි දිගටම කරගෙන යන බවයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඉවත්ව යන මෙම කොමිසම 2023 වසරේ දී පිහිටුවනු ලැබුවා.

2023 වසරේ මැයි 15 වෙනිදා පත් කෙරුණු මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවට සභාපතිවරයකු සහ සාමාජිකයින් හතර දෙනෙකු පත් කිරීම සිදුකරනු ලබන්නේ
ජනාධිපතිවරයා විසින්.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත අධීක්ෂණ කාර්ය භාරයක් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැවරී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්