සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව සෙවනගල පොලිසිය පවසනවා.
ඊයේ (01) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක සිසුවෙක්.
මෙම සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ කටුපිල වැවේ දිය නාමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සෙවනගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
+1













