ලංකා ඉතිහාසයේ දූෂිතයින්ට, වංචනිකයින්ට සහ හොරුන්ට හිර ගෙවල් නියම කරන වසර බවට 2026 වසර පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගය නුවරඑළිය නගරයේ සංවිධානය කර තිබූ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
සෑම අපරාධකරුවෙක්ම නීතිය හමුවට රැගෙන යෑමට ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට ලබා දී ඇති ජනවරමට අනුව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.
මේ අතර වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බවයි ඔහු මෙම ජන රැළිය අමතමින් සඳහන් කළේ.
මීට පෙර පැවැති ආණ්ඩු විසින් ගනු ලැබුවේ පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දු බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.













