කවුරුත් ආවෙ නැති අම්මාගේ මළ ගෙදර මිනී වළ තනියෙන් කපපු ඉන්දියාවේ දුවෙක් පිළිබඳව පසුගිය කාලයේ අසන්න ලැබුණා.
ඇය පිළිබඳව බීබීසී පුවත් සේවය දැනට දින කිහිපයකට පෙර ලිපියක් සකසා තිබුණා.
එම ලිපිය පළ වී දින කිහිපයක් ගත වුවද ලාංකේය පරිශීලකයන්ගේ අවදානයට යොමු නොවූ එය මෙලෙස ගෙනහැර දක්වමු.
සෝනි කුමාරි ඉන්දියාවේ ජීවත් වන 18 හැවිරිදි තරුණියක්.කොවිඩ් හමුවේ දරුණු පීඩාවන්ට මුහුණ දී සිටින අසල්වැසි ඉන්දියාවේ ජීවත් වන මැය ජීවත්ව ඇත්තේ තම මව ,දොළොස් හැවිරිදි සොයුරා සහ 14 හැවිරිදි සොයුරිය සමග. ඇයගේ පියත් ඇයට අහිමි වෙලා.ඒ මීට ටික කලකට පෙර ඇගෙ පියාවත් කොවිඩ් මාරයා බිලි ගත් නිසා. ඔහු තමයි සොනිලාගේ ගමේ වෛද්‍යවරයා.
මේ වන විට ඇයට තම මවත් අහිමියි. මවත් මිය ගිය පසු ඇය මුහුණ දුන් අතිශය සංවේදී අවස්ථාව ඇගේම අදහසින් පහතින්,
“කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ දේහයට අත තියන්නවත්.ඒ නිසා මගේම දෑතින් මම මිනීවල හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධ වුණා.අපේ ලෝකය කඩා වැටුණා. අපි තනි වුණා. මගේ අම්ම තාත්ත ගමේ අයට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියෙ නැහැ.
තනිවීම තමයි දරා ගන්නම බැරි. ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මගේ අතින් උයපු අන්තිම වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කීපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. ඇඟේ වෛරසය නැහැ කියල වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම.”
කොවිඩ් වසංගතයට ගොදුරු වී සෝනිගේ පියා මියගිය වහාම මව ද රෝගාතුර වී තිබෙනවා. මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෝනි වහාම ක්‍රියාත්මක වී ඇති අතර සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර ඇය තම මව රැගෙන රෝහලකට ගොස් තිබෙනවා.
නමුත් මවගේ ජීවිතය බේරා ගැනීමට ඇයට හැකි වී නැහැ. සෝනි ආපසු නිවසට පැමිණ ඇත්තේ මවගේ දේහය රැගෙන.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක ජීවත්වන ඇයට මෙම අවස්ථාවේ අසල්වාසීන්ගෙන් කිසිදු උපකාරයක් ලැබී නැහැ.
කොවිඩ් වසංගතයට බිලි වූ ඉන්දියාවේ මිනිස් ජීවිත ගණන අති විශාලයි. සෝනි ගේ කතාවට සමාන තවත් කතා බොහොමයක් ඉන්දියාව පුරා පවතිනවා.
දෙමාපියන් අහිමි වූ දරුවන් සිය දහස් ගණනකගේ තත්ත්වය සොනිගේ කතාව මෙන්ම ඉතා දුක්බරයි.