ආපදා මරණ තවත් ඉහළට – විදෙස් ආධාර කළමනාකරණයට ජාතික මට්ටමේ කමිටුවක්

දිවයිනේ බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 192ක් අතුරුදහන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

ඊට අමතරව පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස් වෙත ලබාදීමට ජාතික මට්ටමේ ඉහළ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවා.

එම කමිටුවේ මූලිකත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් දරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38