ආපදා සහන අරන් ගිය හක්මන බසයට පහරදුන් චන්ඩි අල්ලයි

ආපදා සහන සේවා සඳහා පිටවගිය හක්මන ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නැවත පැමිණීමෙන් සිටින අතර තුර එම බස් රථයට දෙයියන්දර – හක්මන මාර්ගයේ පිටවල්වමුව ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබුණා.

ඊයේ (06) අලුයම් කාලයේ මෙම පහරදීම සිදුව තිබූ අතර, එහිදී බස් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බවටයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හතරදෙනෙක් ඊයේ (06) දිනම අත්දන්ගුවට ගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙයියන්දර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගෙන ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් බස් රථයට පහර දී තිබුණා.

පහරදීමට පැමිණි පිරිස බීමතින් සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන හතර දෙනා අද (07) දෙයියන්දර අධිකරණ වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.

  1. ඕකුන්ව යවන්න ආපදා ප්‍රදේශ වලට ඒවා සුද්ද කරන්න.. Remand කරලා කන්න දිදී තියන්න එපා.. ඕකුන්ව නඩගින්නේ තියලා වැඩ ගන්න ඕනෙ.. ඕකුන්ව එව්වේ කවුද කියලා සොයන්න ඕනෙ ඉක්මනින්.. මේවගේ දේවල් නැවත නොවෙන්න පාඩම් උගන්නන්ට ඕනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18