මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

මැදපෙරදිග කලාපයේ ආරම්භ වී ඇති යුදමය තත්ත්වය කුමන තත්ත්වය දක්වා වර්ධනය වේවිද යන්න සම්බන්ධයෙන් කාටත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පවතින තත්ත්වය මත මෙරට ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම පිළිබඳව සමාලෝචන වාර්තාවක් හෙට (04) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදීමට නියමිත බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීමට ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර යුදමය තත්ත්වයත් සමඟ මෙරට ඇතිවන අර්බුදයට විසඳුම් තනි තනිව සෙවිය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේ දී රජයට ප්‍රධාන වගකීමක් ඇති බවත්, සමස්ථ පාර්ලිමේන්තුවටම අත් හැරීමට නොහැකි වගකීමක් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40