මැදපෙරදිග කලාපය සහ කටුනායක අතර ගුවන් ගමන්වාර 125ක් අවලංගුයි

මැදපෙරදිග කලාපයට සහ කටුනායක අතර පැමිණීම් 60ක් සහ පිටත්වීම් 65ක් වශයෙන් සම්පූර්ණ ගුවන් ගමන්වාර 125ක් අවලංගු වී ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

ඒ, අනුව මැදපෙරදිග කලාප සඳහා පිත්වෙන සහ පැමිණෙන සියලු ගුවන් ගමන් අද (02) රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඉදිරි ගුවන් ගමන් පිළිබඳව අද (02) රාත්‍රී 12න් පසු තීරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම පවතින තත්ත්වය හේතුවෙන් ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ ගුවන්තොටුපොළවල රැඳී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවසුවා.

මේ අතර දිවයිනෙන් පිටත්ව යෑමට නොහැකිව සිටින විදෙස් ගුවන් මගීන්ගේ වීසා ඇතුළු අනෙකුත් නීතිමය කටයුතු සම්පූර්ණ කර ඔවුන්ට මෙරට තුළ වැඩි කාලයක් රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියට ගමන් කිරීමට නියමිත සැලකිය යුතු ගුවන් මගීන් ප්‍රමාණයක් සිටින බවත්, එම ගුවන් මගීන්ට මැදපෙරදිග කලාපයෙන් බැහැරව තුර්කිය හරහා අදාළ ගමන් පහසුකම් සලසා ගැනීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා සිදුකර බවත් ඔහු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45