විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් මාර්තු පළමු වනදා සිට

රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මාර්තු 01න් ආරම්භ වන සතිය, විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (24) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළා.