ගෑස් සිලින්ඩර 50,000ක් අද (21) දිනයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (20) දිනයේ දී ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බවයි.
එමෙන්ම සඳුදා සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර හෙට (22) දිනයේ දී ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 26 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් නැවක් ද, 28 වනදා මෙට්‍රික් ටොන් 3700ක් රැගත් ගෑස් නැවක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1



