මහින්ද අගමැතිකම අතහරින්න සිතයි! මීලඟ අගමැතිත් තීරණය වෙයි!!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් වී සිය පුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය භාර දීමට ඇති සූදානමක් පිළිබඳව දේශපාලන පුවත් ආරංචි මාර්ග අනාවරණය කරනවා.

එලෙස අග්‍රාමාත්‍ය ධූරය නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ මාස දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණු බවයි පැවසෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවලට එක්ව ඇති බව සඳහන්.

ආණ්ඩුව තුළ නාමල් රාජපක්ෂ මහතාට මීට වඩා වැඩි වගකීමක් ලබා දිය යුතු බවට මෙහි දී සාකච්ඡා වී ඇති බවත්, තවත් අමාත්‍යධූරයක් ඔහුට ලබා දීම පිටුපස පවතින්නේ එම සාකච්ඡාව බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී තවත් වගකීමක් නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ද සැළසුම් කොට ඇති බව අදාළ පුවත් වාර්තා අනාවරණය කරනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළතම තනතුරක් ලබා දීම හරහා යි.

මෙම තත්ත්වය අනුව නාමල් රාජපක්ෂ මහතා මේවන විට දරන අමාත්‍ය ධූරවල වගකීම්වලට අමතරව පක්ෂයේ වැඩි වගකීමක් ද පැවරීමට යි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සැළසුම් කොට ඇත්තේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය ධූරය අතහැරීම සහ එය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දීම කුමන කාලයක දී සිදුවේ දැයි යන්න පිළිබඳව තවමත් නිෂ්චිතව අනාවරණය වන්නේ නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12