මහින්ද අගමැතිකම අතහරින්න සිතයි! මීලඟ අගමැතිත් තීරණය වෙයි!!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් වී සිය පුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය භාර දීමට ඇති සූදානමක් පිළිබඳව දේශපාලන පුවත් ආරංචි මාර්ග අනාවරණය කරනවා.

එලෙස අග්‍රාමාත්‍ය ධූරය නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ මාස දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණු බවයි පැවසෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවලට එක්ව ඇති බව සඳහන්.

ආණ්ඩුව තුළ නාමල් රාජපක්ෂ මහතාට මීට වඩා වැඩි වගකීමක් ලබා දිය යුතු බවට මෙහි දී සාකච්ඡා වී ඇති බවත්, තවත් අමාත්‍යධූරයක් ඔහුට ලබා දීම පිටුපස පවතින්නේ එම සාකච්ඡාව බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී තවත් වගකීමක් නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ද සැළසුම් කොට ඇති බව අදාළ පුවත් වාර්තා අනාවරණය කරනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළතම තනතුරක් ලබා දීම හරහා යි.

මෙම තත්ත්වය අනුව නාමල් රාජපක්ෂ මහතා මේවන විට දරන අමාත්‍ය ධූරවල වගකීම්වලට අමතරව පක්ෂයේ වැඩි වගකීමක් ද පැවරීමට යි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සැළසුම් කොට ඇත්තේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය ධූරය අතහැරීම සහ එය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දීම කුමන කාලයක දී සිදුවේ දැයි යන්න පිළිබඳව තවමත් නිෂ්චිතව අනාවරණය වන්නේ නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03