නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද එම කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව සඳහන්.
ඒ එම කාරක සභාව පසුගියදා (09) අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා පත්කිරීම සහ ස්විට්සර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක පත් කිරීම සඳහා වන නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය අනුමතිය ලබාදී තිබෙනවා.
එමෙන්ම, ඔස්ට්‍රියා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් සහ රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ පත්කිරීම සඳහා වන නාම යෝජනාවලට ද එහිදී කාරක සභාවේ අනුමතිය ලැබී ඇති බව ද සඳහන්.
ඊට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය හිමිව ඇති බවයි වාර්තා වුණේ.



