AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව හෙට සිට රතු ලැයිස්තුවට

එක්සත් රාජධානිය මගින් හෙට (08 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව අනතුරුදායක බව හඟවන “රතු ලැයිස්තුවට” ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එක්සත් රාජධානිය මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ජුනි මස 08 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් / අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් එරටට ඇතුළුවීමේ අවසර හිමිවේ.

ඉහතකී පුරවැසියන්ට ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර (පැය 72) කොවිඩ්-19 වෙනුවෙන් පී.සී.ආර්. පරීක්‍ෂණයක් කර එහි ආසාදිත නොවන බව තහවුරු කර ගත යුතුය. මගීන් එක්සත් රාජධානියට පැමිණීමට පෙර දින 14 ක කාලයක් සඳහා නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?