නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය කඩවතින් සීමාකෙරේ

ඉදිකිරීමක් හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනය සීමා කිරීම කටයුතු කරන බව පොලිසිය නිවේදනය කරනවා.

ඒ, අනුව අධිවේගී මාර්ගයේ කඩවත පද්ධති අන්තර් හුවමාරුව සහ මීරිගම දෙසට මීටර් 500ක් මාර්ගය ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින බැවින් බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් එළඹෙන මාර්තු 15 වනදා දක්වා වසා තැබීමට කටයුතු කර ඇති බවයි දැනුම් දෙන්නේ.

සිදුවන අපහසුතාවය මග හරවා ගැනීමට, කොළඹට ඇතුළුවන හා පිටවන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස, කඩවත නගර මාධ්‍යයේ ආලෝක සංඥා මංසන්දියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය අලෝක සංඥා මංසන්දිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?