එළඹෙන පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය අද (04) ප්‍රකාශයට පත් කළා.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මෙම සංචිතයේ නායකත්වය ලිටන් ඩාස්ට හිමිව තිබෙනවා.
මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව තුළ ක්‍රීඩා කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති අතර, බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග සියල්ල ශ්‍රී ලංකාව තුළ පවත්වීමට ඉල්ලීමක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සිදුකර තිබෙනවා.
බංග්ලාදේශ සංචිතය පහතින්.
ලිටන් කුමර් දාස් (නායක), මොහොමඩ් සයිෆ් හසන්, ටැන්සිඩ් හසන්, මොහොමඩ් පර්වේස් හොසේන් එමොන්, තව්හිඩ් හ්‍රිඩෝයි, ෂමිම් හොසේන්, කාසි නුරුල් හසන් සොහාන්, ෂක් මහේඩි හසන්, රිෂාඩ් හොසේන්, නසුම් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, ටැන්සිම් හසන් සකිබ්, ටස්කින් අහමඩ්, එම්.ඩී. ෂයිෆුඩින්, ෂොරිෆුල් ඉස්ලාම්




