20-20 ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය එළිදක්වයි

එළඹෙන පෙබරවාරි 07 වනදා සිට මාර්තු 08 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය අද (04) ප්‍රකාශයට පත් කළා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතයේ නායකත්වය ලිටන් ඩාස්ට හිමිව තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව තුළ ක්‍රීඩා කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති අතර, බංග්ලාදේශය ක්‍රීඩා කරන තරග සියල්ල ශ්‍රී ලංකාව තුළ පවත්වීමට ඉල්ලීමක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සිදුකර තිබෙනවා.

බංග්ලාදේශ සංචිතය පහතින්.

ලිටන් කුමර් දාස් (නායක), මොහොමඩ් සයිෆ් හසන්, ටැන්සිඩ් හසන්, මොහොමඩ් පර්වේස් හොසේන් එමොන්, තව්හිඩ් හ්‍රිඩෝයි, ෂමිම් හොසේන්, කාසි නුරුල් හසන් සොහාන්, ෂක් මහේඩි හසන්, රිෂාඩ් හොසේන්, නසුම් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, ටැන්සිම් හසන් සකිබ්, ටස්කින් අහමඩ්, එම්.ඩී. ෂයිෆුඩින්, ෂොරිෆුල් ඉස්ලාම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21