චීන හමුදාව තායිවාන දූපත වටා”Justice Mission 2025″ යුද අභ්‍යාසය අරඹයි

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාර සමගින් යුද අභ්‍යාස අරඹා තිබෙනවා.

යුද සූදානමක් වශයෙන් ඊයේ ආරම්භ වූ එම මුර සංචාර සඳහා චීන නාවික හා ගුවන් හමුදා බලකායන් යොදවා ගන්නා බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi මහතා ප්‍රකාශ කළා.

“Justice Mission 2025” යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බව ද ඔහු දැනුම් දී තිබෙනවා.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් යොදවමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කෙරෙනවා.

මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය , යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කෙරෙනවා.

“Justice Mission 2025” යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත් , එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් බවත්, Shi Yi මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?