බෝනස් ඉල්ලා ගුවන් තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබාදීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබාදෙන බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවත් 500ක් පමණ එක්ව සිටියා.

එහිදී විරෝධතාකරුවන් ඇමතූ ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් සඳහන් කළේ, 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගුණයක මුදලක් ලබා දී ඇතත් ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21 ක් බව ද අනාවරණය කළා.

ඒ අනුව තම ඉල්ලීමට රජය අවධානය යොමුකර අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක මුදලක් සදහා කැබිනට් අනුමැතිය ලබාදීමට පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නිරතවූ උද්ඝෝෂකයින් පැවසුවේ.

එසේ නොවුන්හොත් ඉදිරියේ දී තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කරන ක්‍රම 16ක් ඇති බවත්, ඒ සඳහා යොමුවීමට ගුවන් තොටුපොළ සේවකයින්ට ඉඩ ප්‍රස්තාව ඇති බවයි උද්ඝෝෂකයින් වැඩිදුරටත් සඳහන් කළේ.

  1. මහජනයා දන්න විදියට Air Lanka එක පාඩුයි, එතකොට මාස ගණන් බෝනස් දෙන්නේ කොහොමද? ලක්ෂ ගණන් පඩි ගන්න කට්ටියට මාසෙක bonus මදිද? සල්ලි වැඩිනම් bonus දෙනවට වැඩිය ගංවතුරින් හානි වෙච්ච ජනතාවට කන්න බොන්න දීපල්ලා. අනඅර කුමාරත් එක්ක ඔය සෙල්ලම් හරියන්නේ නැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41