එළඹෙන උත්සව සමයේ නගර සහ ආගමික ස්ථානවල විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක්

එළඹෙන උත්සව සමයේ නගර ආරක්ෂාව සහ ආගමික ස්ථානයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව නත්තල් දින නිමිති කරගෙන දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් හා එයට අනුබද්ධිත වැඩසටහන් පැවැත්වෙන බැවින් එම ආගමික නායකයින් හා සංවිධායකයින් සමඟ සම්බන්ධීකරණය වී සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මූල්‍ය ආයතන කඩසාප්පු ඇතුළු ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට අමතරව බුද්ධි නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් නගර ආශ්‍රිතව යොදවා බුද්ධි තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පොලිසිය පවසන්නේ දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හෝටල්, කඩසාප්පු සංකීර්ණ හා සංචාරකයින් ගැවසෙන ස්ථානයන්හි ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කිරීමටත් පියවර ගෙන ඇති බවයි.

මේ අතර සැකකටයුතු පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම්, රථවාහන හා තම දේපළ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, සැක කටයුතු තොරතුරක් වෙතොත් ළඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජනතාවගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් පොලිසිය සිදු කරන මෙම රාජකාරී කටයුතු සඳහා මහජනතාවගේ සහයෝගය නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32