එළඹෙන උත්සව සමයේ නගර සහ ආගමික ස්ථානවල විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක්

එළඹෙන උත්සව සමයේ නගර ආරක්ෂාව සහ ආගමික ස්ථානයන්හි ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව නත්තල් දින නිමිති කරගෙන දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් හා එයට අනුබද්ධිත වැඩසටහන් පැවැත්වෙන බැවින් එම ආගමික නායකයින් හා සංවිධායකයින් සමඟ සම්බන්ධීකරණය වී සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මූල්‍ය ආයතන කඩසාප්පු ඇතුළු ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට අමතරව බුද්ධි නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් නගර ආශ්‍රිතව යොදවා බුද්ධි තොරතුරු ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පොලිසිය පවසන්නේ දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හෝටල්, කඩසාප්පු සංකීර්ණ හා සංචාරකයින් ගැවසෙන ස්ථානයන්හි ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කිරීමටත් පියවර ගෙන ඇති බවයි.

මේ අතර සැකකටයුතු පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම්, රථවාහන හා තම දේපළ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, සැක කටයුතු තොරතුරක් වෙතොත් ළඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මහජනතාවගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් පොලිසිය සිදු කරන මෙම රාජකාරී කටයුතු සඳහා මහජනතාවගේ සහයෝගය නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?