කුලී රථ රියදුරුගේ සිද්ධියට මැදි වූ ඇල්ල පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවක්

ඇල්ල සංචාරක ප්‍රදේශයේ දී වෙනත් ප්‍රදේශයක සිට පැමිණි කුලී රථ රියදුරෙකුට පහර දී සාපරාධී බලහත්කාරය පෑ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම ඊයේ (21) දිනයේ දී වාර්තා වූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මේ අතර ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින්, පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්‍රදේශයේ කුලී රථ සේවය සිදුනොකරන ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සමාජ මධ්‍යයේ සංසරණය වන අතර, එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීමක් ලබා දී තිබෙනවා.

විනය කටයුත්තකට යටත්ව එම නිලධාරීන් දෙදෙනා ඇල්ල පොලිස් ස්ථානයේ සිට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දක්වා මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

අද (22) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවක් දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?