විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ කමිටුව සිව්වන වරටත් රැස්වේ

විදේශ ආපදා සහන ආධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ සිව්වන සැසිය, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 19 වනදා පැවැත් වුණා.

ආපදා සහන කටයුතු සඳහා ලැබෙන විදේශ ආධාර කළමනාකරණය සහ බෙදා හැරීම විධිමත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීම වනවා.

මෙහිදී දත්ත ඉන්වෙන්ටරි පද්ධතියේ ප්‍රගතිය, එහි දත්ත ආරක්‍ෂණය (Data Security), ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන ප්‍රධාන ගබඩාවේ කාර්ය මණ්ඩල අවශ්‍යතා සහ සමස්ත ක්‍රියාවලිය අධීක්‍ෂණය සඳහා වූ අභ්‍යන්තර විගණන සැලසුම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණා.

ඔරුගොඩවත්ත සහන ගබඩාවේ මෙහෙයුම් විධිමත් කිරීම සහ සහන සේවා යාවත්කාලීනව නිරීක්‍ෂණය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා වුණා.

මානුෂීය ආධාර විනිවිදභාවයකින් යුතුව පීඩාවට පත් ජනතාව වෙත කඩිනමින් ලබාදීමට සියලු ආයතන එක්ව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

මෙම අවස්ථාවට කමිටු සාමාජිකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) නිලධාරීන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56