හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු විදුලි සැපයුම 85% කට පමණ යළි යථා තත්ත්වයට පත්කර ඇති බව
විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පවසනවා.
විදුලි පාරිභෝගිකයන් ලෙස ලක්ෂ 70කට ආසන්න පිරිසක් රට පුරා සිටින බවද ඒ අතරින් ලක්ෂ 39කට විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවද ඔහු පැවසුවා.
ඔවුන්ගෙන් 85%ට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දීමට හැකිවි ඇති බවයි සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඇති වූ ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වූ අතර එයින් 14,549ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවත් ඔහු සඳහන් කළා.
ඉතිරි බිඳ වැටුණ සම්බන්ධතාද කඩිනමින් යථාවත් කරන බවත්, මෙම ක්‍රියාවලියේදී එක් විදුලි සේවකයෙක් ජීවිතක්ෂයට පත් වූ සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසුවා.















