තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ දී ඊයේ (18) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්‍ල – මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
තංගල්ල පොලිස් වසමේ උනාකූරුව ප්‍රදේශයේ වෙළදසැලක් පවත්වා ගෙන ගිය අඹු සැමි යුවලකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඊයේ (18) ඝාතනය කෙරුණා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 58ක කාන්තාවක් සහ වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙක්.
මොවුන් දෙදෙනා උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





