උණාකූරුවේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

තංගල්‍ල, උණාකූරුව ප්‍රදේශයේ දී ඊයේ (18) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්‍ල – මාතර ප්‍රධාන මාර්ගයේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

තංගල්ල පොලිස් වසමේ උනාකූරුව ප්‍රදේශයේ වෙළදසැලක් පවත්වා ගෙන ගිය අඹු සැමි යුවලකට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඊයේ (18) ඝාතනය කෙරුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 58ක කාන්තාවක් සහ වයස අවුරුදු 68ක පිරිමි පුද්ගලයෙක්.

මොවුන් දෙදෙනා උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32