මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- කොළඹ වරායේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ මෙහෙයුම් කාර්යක් ෂමතාව ඉහළ නැංවීමට ඉදිරි වසරේ දී අපේක්ෂා කරනවා.
- කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය සහ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳ පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවනවා.
- ශ්‍රී ලංකාවේ වරායන් කලාපයේ ප්‍රමුඛ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, බාධාවකින් තොරව සහ කාර්යක්ෂම වරාය මෙහෙයුම් සහතික කිරීම සඳහා වරාය ප්‍රජා පද්ධතිය (Port Community System), ඒකාබද්ධ දත්ත කළමනා කරණ පද්ධතිය ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩි දියුණු කරනවා.
- ගුවන්තොටුපළ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය (ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය) අතර මඟ නවතා දමා තිබූ ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර 2026 වසරේ මුලදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් ජපානයේ, ජයිකා ආයතනය මූල්‍ය පහසුකම් ලබා දීමට එකඟතාව පල කර තිබෙනවා.
- බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන ඒමට කටයුතු කරනවා
- ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති 2025 – 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාවය සියයට 60 කින් පමණ වැඩි වනු ඇති බව ගණන් බලා තිබෙනවා.
- මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා.
- සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 330ක් වෙන් කරනවා.
- රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්.
- කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන 1000ක්.
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන් කරනවා.
- පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




