ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ ප්‍රචාරය කිරීම සපුරා තහනම්

මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිය (ශිල්පීය) සඳහන් කළාය.

කොවිඩ් රෝගය සුව කළ හැකි බවට කිසිදු ආයුර්වේද ඖෂධයක් සදහා සූත්‍රකමිටුව මෙතෙක් අනුමැතිය ලබා දී නැති බව ආයුර්වේද කොමසාරිස් (ශිල්පීය) වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය සදහන් කළාය

මේ දිනවල කොවිඩ් රෝගය සඳහා යැයි පවසමින් ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ඖෂධ හඳුන්වා දුන්නද ඒවා ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයන් මිස කිසියම් රෝගයක් සුවකිරීම සඳහා වන ඖෂධයක් නොවන බව ඇය පෙන්වාදේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් තමා විසින් සාදන ඖෂධයක් තමා ළඟට පැමිණෙන රෝගීන්ට ලබාදීම සඳහා සූත්‍රකමිටුවේ අනුමැතියක් අවශ්‍ය නොවන නමුත් වෙළෙඳපොළ අලෙවිය සඳහා යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් පමණක් සූත්‍රකමිටුවේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව 1973 ඖෂධාගාර නියෝග මාලාව යටතේ සඳහන් කර ඇතැයි ඇය පෙන්වා දෙයි.

ඇතැම් කරුණු කාරණා නිරාකරණය කරගැනීමට යාමේදී විවිධ බලපෑම් මතුවන අවස්ථාවන්ද තිබෙන බැවින් එවන් විටක නිහඬව සිටීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09