ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ ප්‍රචාරය කිරීම සපුරා තහනම්

මොනයම් හෝ රෝගයක නම සඳහන් කරමින් එම රෝගය යම් ආයුර්වේද ඖෂධයක් මගින් සුවකළ හැකිය යන්න මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සපුරා තහනම් බවත් එවැනි ප්‍රචාරණයන්ගේ නියැළෙන ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස්වරිය (ශිල්පීය) සඳහන් කළාය.

කොවිඩ් රෝගය සුව කළ හැකි බවට කිසිදු ආයුර්වේද ඖෂධයක් සදහා සූත්‍රකමිටුව මෙතෙක් අනුමැතිය ලබා දී නැති බව ආයුර්වේද කොමසාරිස් (ශිල්පීය) වෛද්‍ය ශාන්ති කුඹුරේගෙදර මහත්මිය සදහන් කළාය

මේ දිනවල කොවිඩ් රෝගය සඳහා යැයි පවසමින් ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් ඖෂධ හඳුන්වා දුන්නද ඒවා ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයන් මිස කිසියම් රෝගයක් සුවකිරීම සඳහා වන ඖෂධයක් නොවන බව ඇය පෙන්වාදේ.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් තමා විසින් සාදන ඖෂධයක් තමා ළඟට පැමිණෙන රෝගීන්ට ලබාදීම සඳහා සූත්‍රකමිටුවේ අනුමැතියක් අවශ්‍ය නොවන නමුත් වෙළෙඳපොළ අලෙවිය සඳහා යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් පමණක් සූත්‍රකමිටුවේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව 1973 ඖෂධාගාර නියෝග මාලාව යටතේ සඳහන් කර ඇතැයි ඇය පෙන්වා දෙයි.

ඇතැම් කරුණු කාරණා නිරාකරණය කරගැනීමට යාමේදී විවිධ බලපෑම් මතුවන අවස්ථාවන්ද තිබෙන බැවින් එවන් විටක නිහඬව සිටීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැති යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?