බංග්ලාදේශය දොස් පැවරීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු උපදේශක ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ජහන්ගීර් අලම් චෞද්රි, කග්‍රචාරි කඳුකර දිස්ත්‍රික්කයේ නොසන්සුන්තාවයට නවදිල්ලියේ සම්බන්ධය ගැන එල්ල කරන චෝදනා ඉන්දියාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බංග්ලාදේශ බලධාරීන්⁣ට “නීතිය හා සාමය පවත්වා ගැනීමට නොහැකි” බවත් ඒ වෙනුවට වෙනත් පාර්ශ්වයකට දොස් පැවරීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඉන්දියාව පවසනවා.

බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු උපදේශකවරයාගේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මේ බව සඳහන් කළා.

චිතගොං කඳුකර ප්‍රදේශවල සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය, ගිනි තැබීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් සිදු කරන ප්‍රාදේශීය අන්තවාදීන්ගේ ක්‍රියාවන් පිළිබඳව ස්වයං විමර්ශනයක් කර බරපතල පරීක්ෂණ පවත්වන ලෙස ඔහු ඩකා බලධාරින්ගෙන් ඉල්ලා සිටියා.

ගෝත්‍රික ගැහැණු ළමයෙකු සමූහ දූෂණයට ලක් කිරීමේ චෝදනාවෙන් පසු ගෝත්‍රික ප්‍රජාවන් සහ බෙංගාලි පදිංචිකරුවන් අතර ගැටුම් ඇති වූ පසුගිය ඉරිදා සිට කග්‍රචාරි දිස්ත්‍රික්කයේ නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිව තිබෙනවා.

ගැටුම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූවා.

ඒ අතර හමුදා නිලධාරීන් 13 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද වනවා.

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සහ ඉන්දියාව කලාපයේ නොසන්සුන්තාවයට වගකිව යුතු යැයි පැවසීමට බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු උපදේශක ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ජහන්ගීර් අලම් චෞද්රි උත්සාහ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56