විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක්

කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය බොහෝමයක් මේ වන විට සාගරයට මුසුව තිබේ.

මෙලෙස මුසු වූ ද්‍රව්‍ය මේ වන විට මීගමුව වෙරළ කලාපයට ගොඩ ගසා ඇති අතර ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.ෙ

මෙම අනතුරින් පසුව මුහුදු මාළු පරිභෝජනය කරන පිරිස් අතර මෙම මාළුන් ආහාරයට ගැනීමට සුදුසුද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධව නාරා ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා විසින් කරුණු පැහැදිළි කිරීමක් කර තිබේ‍ෙ

එහිදි ඒ මහතා සඳහන් කර සිටියේ මෙම නෞකාව ගිනි ගන්නා බව දැනගත් වාහම ධීවර දෙපාර්තුමේන්තුව මඟින් එම අනතුර සිදු වු සාගර කලාපය තුළ මසුන් ඇල්ලීම නවතා දැමීමට කටයුතු කළ බවයි

එමෙන්ම එම ප්‍රදේශය තුළ කිසිදු ධීවරයෙක් මසුන් ඇල්ලීම සඳහා නොයන නිසා එම ප්‍රදේශයේ මසුන් මත්ස්‍යය වෙළෙඳපොළට නිකුත් නොකරන බවද පැවසූ ආචාර්ය දීප්ත අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ මත්ස්‍ය වෙළෙඳපොළ තුළ ඇති මසුන් පරිභෝජනයට ගැනීමට කිසිදු බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

මත්ස්‍යයින් යනු pH අගයට ඉතාමත් සංවේදී ජීවි කොට්ඨාසයක් බවත් එබැවින් මෙම නෞකා අනතුරින් පසුව මසුන් මෙම කලාපයෙන් ඉවත්ව යන බවත් ඒ හේතුවෙන් මසුන් හට මෙහි බලපෑමක් ඇති වීමට ඉඩ නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ආහාර දාමයේ ප්‍රාථමික පුරුක් වන පයිතෝප්ලැන්ක්ටන් (phytoplankton) සහ සූප්ලැන්ක්ටන් (zooplankton) වැනි ප්‍රාථමික පුරුක්වලට හානි දායක විය හැකි බවත් කුඩා මාළු පැටව්න් වන ඉච්තියොප්ලැන්ක්ටන් (Ichthyoplankton) වැනි ජීවින් මිය යා හැකි බවත් ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේය.

එහිදී ඔහු අනතුරු අඟවා සිටියේ අනාගතය තුළ එම සාගර කලාපය තුළ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?