විෂ රාසයනික නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක්

කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය බොහෝමයක් මේ වන විට සාගරයට මුසුව තිබේ.

මෙලෙස මුසු වූ ද්‍රව්‍ය මේ වන විට මීගමුව වෙරළ කලාපයට ගොඩ ගසා ඇති අතර ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.ෙ

මෙම අනතුරින් පසුව මුහුදු මාළු පරිභෝජනය කරන පිරිස් අතර මෙම මාළුන් ආහාරයට ගැනීමට සුදුසුද යන්න පිළිබඳව ගැටලුවක් ඇතිව තිබෙන අතර ඒ සම්බන්ධව නාරා ආයතනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා විසින් කරුණු පැහැදිළි කිරීමක් කර තිබේ‍ෙ

එහිදි ඒ මහතා සඳහන් කර සිටියේ මෙම නෞකාව ගිනි ගන්නා බව දැනගත් වාහම ධීවර දෙපාර්තුමේන්තුව මඟින් එම අනතුර සිදු වු සාගර කලාපය තුළ මසුන් ඇල්ලීම නවතා දැමීමට කටයුතු කළ බවයි

එමෙන්ම එම ප්‍රදේශය තුළ කිසිදු ධීවරයෙක් මසුන් ඇල්ලීම සඳහා නොයන නිසා එම ප්‍රදේශයේ මසුන් මත්ස්‍යය වෙළෙඳපොළට නිකුත් නොකරන බවද පැවසූ ආචාර්ය දීප්ත අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ මත්ස්‍ය වෙළෙඳපොළ තුළ ඇති මසුන් පරිභෝජනයට ගැනීමට කිසිදු බියක් ඇතිකර ගත යුතු නොමැති බවයි.

මත්ස්‍යයින් යනු pH අගයට ඉතාමත් සංවේදී ජීවි කොට්ඨාසයක් බවත් එබැවින් මෙම නෞකා අනතුරින් පසුව මසුන් මෙම කලාපයෙන් ඉවත්ව යන බවත් ඒ හේතුවෙන් මසුන් හට මෙහි බලපෑමක් ඇති වීමට ඉඩ නොමැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ආහාර දාමයේ ප්‍රාථමික පුරුක් වන පයිතෝප්ලැන්ක්ටන් (phytoplankton) සහ සූප්ලැන්ක්ටන් (zooplankton) වැනි ප්‍රාථමික පුරුක්වලට හානි දායක විය හැකි බවත් කුඩා මාළු පැටව්න් වන ඉච්තියොප්ලැන්ක්ටන් (Ichthyoplankton) වැනි ජීවින් මිය යා හැකි බවත් ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේය.

එහිදී ඔහු අනතුරු අඟවා සිටියේ අනාගතය තුළ එම සාගර කලාපය තුළ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ අවදානමක් පවතින බවයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී වැඩසටහනකට අදහස් දක්වමිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09