යාපනය වායු දූෂණය අවම කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (20) යාපනය මහ නගර සභාවට නියෝග කර තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන උමා සුඛී නඩරාජා මෙනෙවිය විසින් ගොනුකොර තිබූ පෙතසමක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අමතමින් යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර පනත්වල විධිවිධාන අනුව කටයුතු කර තිබෙනවාදැයි විමසා තිබෙනවා.

අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුව යාපනයේ පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් යාපනය මහනගර සභාවට දැනුම් දුන්නා.

ඊට අවශ්‍ය සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දිය යුතු බවත් සභාපති විනිසුරු වරයා සඳහන් කළා.

යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදා හැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත් මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00