ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ අවසන් කටයුතු ලබන ඉරිදා (21) දිනයේ සිදුකරන බව පවුලේ ඥාතීන් පවසනවා.
ඒ, අනුව අභාවප්‍රාප්ත සුරංග වෙල්ලාලගේගේ දේහය හෙට (20) උදෑසන 9.30 සිටගල්කිස්ස මහින්ද මල්ශාලාවේ මහජන ගෞරව වෙනුවෙන් තැන්පත් කර තැබෙනවා.
මේ අතර පවුලේ ඥාතීන් පැවසුවේ දුනිත්ගේ පියා බරපතළ රෝගී තත්ත්වයකින් පසු නොවූ බවයි.
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා ඊයේ (18) රාත්‍රියේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගොස් තිබුණා.
ඒ වනවිටත් දුනිත් ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමඟ තරගයට ක්‍රීඩාකරමින් සිටියා.
තම පියාගේ අභාවය දැනගත් පසු දුනිත් අද (19) උදෑසනම අබුඩාබි නුවර සිට දිවයිනට පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
9
+1
1
+1















