අද ජයගතහොත්, ඊළග තරගය අනිද්දා බංගලාදේශය සමඟින්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (18) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි හතර දෙනාගේ වටය සඳහා B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබනවා.

එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අනිද්දා (20) ඩුබායි ක්‍රීඩාංගනයේ සුපිරි හතරදෙනාගේ වටයේදී හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව තරගවදින මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට නියමිත අතර මෙම තරගය මත ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතරින් කුමන කණ්ඩායම් දෙක ඉදිරි වටය සඳහා තේරී පත්වනවා ද යන්න තීරණය වනවා.

ඇෆ්ගනිස්ථානයට සුපිරි හතර දෙනාගේ වටයට (Super Four) පිවිසීමට නම් අනිවාර්යයෙන්ම අද තරගය ජයගත යුතු අතර ඔවුන් පරාජයට පත් වුවහොත් එම අවස්ථාව බංග්ලාදේශයට හිමිවනවා.

ශ්‍රී ලංකාව මෙම තරගය තුල විශාල ලකුණු පරතරයකින් පරාජයට පත් වුවහොත් බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය ඉදිරිවටය සඳහා තේරී පත්වනවා.

සුළු ලකුණු පරතරයක් මත, නොඑසේනම් සුපිරි හතර දෙනාගේ වටයට තේරී පත් වීමට අවශ්‍ය ප්‍රසාද ලකුණු සටහනේ අවම අගය ආරක්ෂා වන පරිදි, ශ්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්වුවත්, ශ්‍රී ලංකාවට සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56