ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද (18) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි හතර දෙනාගේ වටය සඳහා B ඛාණ්ඩයෙන් සුදුසුකම් ලබනවා.
එසේ සිදුවුවහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අනිද්දා (20) ඩුබායි ක්‍රීඩාංගනයේ සුපිරි හතරදෙනාගේ වටයේදී හමුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව තරගවදින මෙම තීරණාත්මක තරගය ආරම්භ වීමට නියමිත අතර මෙම තරගය මත ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතරින් කුමන කණ්ඩායම් දෙක ඉදිරි වටය සඳහා තේරී පත්වනවා ද යන්න තීරණය වනවා.
ඇෆ්ගනිස්ථානයට සුපිරි හතර දෙනාගේ වටයට (Super Four) පිවිසීමට නම් අනිවාර්යයෙන්ම අද තරගය ජයගත යුතු අතර ඔවුන් පරාජයට පත් වුවහොත් එම අවස්ථාව බංග්ලාදේශයට හිමිවනවා.
ශ්‍රී ලංකාව මෙම තරගය තුල විශාල ලකුණු පරතරයකින් පරාජයට පත් වුවහොත් බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය ඉදිරිවටය සඳහා තේරී පත්වනවා.
සුළු ලකුණු පරතරයක් මත, නොඑසේනම් සුපිරි හතර දෙනාගේ වටයට තේරී පත් වීමට අවශ්‍ය ප්‍රසාද ලකුණු සටහනේ අවම අගය ආරක්ෂා වන පරිදි, ශ්‍රී ලංකාව මෙම තරගය පරාජයට පත්වුවත්, ශ්‍රී ලංකාවට සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතිනවා.





