මාස 06 කට වඩා වැඩි කාලයක් බලයේ ඉන්න සූදානමක් නෑ – නේපාල නව අගමැතිනිය

තමන් ඇතුළු තම කණ්ඩායම මාස 06 කට වඩා වැඩි කාලයක් බලයේ රැඳී නොසිටින බව නේපාලයේ නව අගමැතිනිය ලෙස තෝරා පත්කරගත් සුෂිලා කාර්කි පවසනවා.

නේපාල අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, ඊයේ දින අන්තර්කාලීන අගමැතිනිය එම තනතුරේ වැඩ භාරගැනීමේ අවස්ථාවේ දී සුෂිලා කාර්කි මේ බව සදහන් කළා.

එහිදී ඇය සඳහන් කළේ තමන් මෙම තනතුරේ රැඳී සිටින්නේ බලය රස බැලීමට නොවන බවයි.

එමෙන්ම කඩිනමින් නව පාර්ලිමේන්තුවකට පාලනයේ වගකීම භාරදීමට කටයුතු කරන බවත් ඇය මෙහිදී කියා සිටියා.

මේ අතර අරගලය අතරතුර මියගිය අය “දිවි පිදූවන්” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඔවුන්ගේ පවුල්වලට නේපාල රුපියල් මිලියනයක වන්දි මුදලක් ද ලබාදීමට තීරණය කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තහනමකට සහ දූෂණ චෝදනාවලට එරෙහිව පැතිර ගිය රාජ්‍ය විරෝධී විරෝධතා හමුවේ කේපී ෂර්මා ඔලි හදිසියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින ගණනක් පැවති දේශපාලන අවිනිශ්චිතභාවය අවසන් කරමින් 73 හැවිරිදි කාර්කි සිකුරාදා රාත්‍රියේ නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58