පෙරටුගාමීන්ගේ යක්කල කාර්යාලය ගැන උසාවියෙන් නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යක්කල කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද (09 ) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ, නීතීඥ රිවිහාර පින්නදූව, නීතීඥ චරිත් ද සිල්වා, නීතීඥ දිනූෂා තිරාණගම පෙනී සිටියා.

ප්‍රාථමික අධිකරණ සංවිධාන පනතේ 66 වගන්තියට අනුව එම නඩුව පවරා තිබුණා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයන පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයේ බලහත්කාරයෙන් රැඳී සිටින්නන් වහාම ඉවත් කරන ලෙසත්, එහි භුක්තිය හිමි කවරෙකුටදැයි අධිකරණයේ නඩු විභාගයකින් තීරණය වනතුරු එම දේපළ පොලිස් භරයට ගන්නා ලෙසත් යක්කල පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?