ඇල්ලේ අනතුරට පත් බසය අද රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද (08) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රපාතයට පෙරළී ගිය බස් රථයේ කොටස් ගොඩගෙන පෙරේදා (06) දිනයේ ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

එමෙන්ම අනතුරට පත් බස් රථය නිරීක්ෂණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද අද දිනයේ පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එලෙස හඳුනාගත් අවදානම් ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා.

ඒ, අනුව එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩකිරීම ආරම්භ කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?